Thursday, March 17, 2011

අපි අපේමද......? දෙවන දිගහැරුම



දෙන්ම අවදිවි දිය නාගත් නෙත්මි කෙටි ගවුමක් ඇඟ ලා ගත්තේය..
"අම්මා.... පරක්කු වෙල කො මගේ තේ එක...?"
"ඇ‍යි තේ විතරක්, මම කිරිබත් හැදුවා කාලා යන්න.."
"බෑ අම්මා මට පරක්කුයි, පාරමී පන්තියට ගිහිනුත් ඇති."
"අනේ මන්දා ළමයො, ඔයානම් පුදුමයි, මේසෙ උඩ සල්ලි ඇති අරන් යන්න.

පෙරදින කතිකා කරගත් පරිදි විලාසිතා නිවස ලඟට යන්නට 138 බසයකට නැග්ගේය.
පරක්කු වුවායි නෙත්මි සිතුවත් වෙලවටත් කලියෙන් ඇය එතැනට ගොස් සිටියේය. මන්ද එ වන විටත් පාරමී එතැනට පැමිණ නොසිටියේය.

        වට පිට බලමින් සිටි නෙත්මි දුටුවේ දුවගන වාගේ තම දෙසට එන පාරමීය....
"sorry  නෙත්මි පොඩ්ඩක් පරක්කු උනා, කෝ උඹේ ආඩම්බරකරයා ආවේ නැද්ද...?"
"තාම නෑ අපි ටික වෙලවක් ඉදල බලමු."

"බලමු බලමු මගෙ යාලුවට ආදර හිතක් පහල වෙච්ච පලවෙනි වතාවනේ, ඒයි නෙත්මි බලපන් අරයද කියල.. අර අර blue ඩෙනිම"
"නෑ බන් නෑ හිටපන්කො........ මට තරම්වත් ඉවසිල්ලක් උබට නැනේ..."
"වෙලව කියද බලපන්"
"11.15 බන්,අද එයා එන එකක් නැද්ද පාරමී..?"
"අන්න අන්න උබ mood ගහුවා, ඔහොම තමයි බන්, අපි කමති දෙවල් ඉබෙ අපි ලඟට එන්නෑ. අමරුවෙන් තමයි ලන්කරගන්න ඔනේ....
 උබේ වැඩෙ නිස මටත් මරු කට්ටක් සෙට් වේයි වගේ... පුලුවන්නම් try කරලා ගෙදරින් නිකන් හම්බෙන බත් කඩ් එකත් නැති කරපන්කෝ"

"දැන් දොලහටත් ලගයි බන්, අපි යමු පාරමී එය අද එන එකක් නෑ."
"නෑ තව චුට්ටක් බලමු, කොහොමත් අද class cut නේ."
"බැ බැ class ඇරිලා ගෙදර යන වෙලවට ගෙදර නොගියොත් බනුම් සගෙරේ තමයි."
එකත් හරි තමයි, ප්‍රශ්න ඇතිවෙන්න කලින් ඇයි අපි එවා හොයගන යන්නේ
"කවදවත් නතුව උඹයි මමයි අද  class cut කලා නේද...?" අද විතරක් නෙමේයි, තව සුමානයක් හරි කට්ට කල මම ඔය අඩම්බරකරයව හොයගන්නවා"

බලාපොරොත්තු සුන් වු නෙත්මි සහ පාරමී ඔවුනොවුන්ගෙන් සමුගෙන ගියේය. නිවසට ගිය නෙත්මි තම නිදන කාමරයට ගොස් ඇග වු ඇදුම් පිටින්ම ඇදට වැටුනි. බොහො වෙලවකට පසු නෙත්මි අවදි වුයේ මවගේ ඇමතුම්නි.
             "දු... නෙත්මි ඔයාට අසනිපයක්ද පුතේ..?"
"නෑ අම්මා මට ටිකක් හිසරදේ වගේ තිබුනා දන්නෙම නෑ නින්ද ගිහින්, වෙලව කියද..?"
"දැන් 4ත් පහුවෙලා, තාවම දවල්ට කෑවෙත් නෑනේ  ළමයෝ...?නැගිටලා කෑම ටික කන්න.."

ඉන් පසුවද දින දෙකක්ම නෙත්මි හා පාරමී විලසිතා නිවස ලග සිටියද ඒ රුව දැකගන්නට නෙත්මිට හැකි වුයේ නැත. ඒ දෙදිනම නෙත්මිට කල්පයක් සේ දැනෙන්නට විය. ඇයට කිසිසේත්ම අමතක කිරිමට නොහැකි ලෙස මේ නාදුනන පිරිමි රුව ඇගේ සිත තුල නිදන් වී ඇති බව නෙත්මිට සිතුනි.
පාරමී තුලද නෙත්ම් පිලිබද මහත් අනුකම්පවක් ඉපදී  ඇත, කිසිම කොල්ලෙකු ගන උනන්දුවක් නොදැක්වු නෙත්මි මෙ අගන්තුක තරුණය දැක කැලබි ඇති නිසා එය පාරමීට එක්තරා පුදුමයක්ද වේ.
පසුදිනට පහන් විය නෙත්මි සුපුරුදු පරිදි class යන්නට සැරසුනය. ගෙදර දුරකථනය නාදවනු ඇසුනද නෙත්මි ඒ පිලිබද උනන්දු වුයේ නැත.
" දු ඔයට call එකක්" මව නෙත්මි ඇමතීය.
"කවුද අම්මා"
"මේ පාරමී ළමයා"
"මෙ එනව අම්මේ, ඉන්න කියන්න ඔහොම"
  දුවගන ආ නෙත්මි දුරකථනය අතට ගත්තේය.
hello පාරමී ඇයි මේ.....??? 
"මම මේ උඹෙන් අහන්න ගත්තේ අදවත් class යනවද..? නැත්නම් cut ද කියලා...?
අම්මා ලඟ සිටිත්දැයි වට පිට බැලු නෙත්මි රහසින් මිමිනුවේය.
"අද විතරක් උත්සහ කරල බලමුද plz, අද විතරමයි."
"OK,OK,  උඹ කියනවානම් මම එන්නම්, ගෙවල් වලට අහු උන දාට දෙන්නටම එක පිගනෙන් කතහැකි, මම නවයට විලසිතව ලඟ, OK!  Bye..


උවමනාවට එපාවට හිස පීරා wool band එකක් දමාගත් නෙත්මි මවට වැද නිවසින් එලියට බැසගියාය, නගර ශලව දෙසට ඇවිද එමින් සිටි නෙත්මි කල්පනා කලේම අදවත් ඔහුව දැක ගන්නට ලැබෙයිදෝ කියාය.

  නෙත්මි විලාසිතව ලගට යන විටත් පාරමී එහි පැමින සිටියාය.
Hi , මොකද උඹ අද පරවෙලා වගෙ... හිනවෙලා හිටපන් බං"
"නෑ පාරමී මට දුකයි අදත් එයා නාවොත්.... අපිට හැමදමත් class cut කරන්නත් බෑනේ...! එහෙම උනොත් මම කොහොමද එයාව හොයගන්නේ...?"
"නෙත්මි කලබල නොවි ඉදපං අපි බලමුකෝ අද නාවොත් වෙන දවසක හරි,"
කෙල්ලෝ දෙන්නා පරේ යන එන බස් වලට එබි එබි  වල් පල් දොඩව දොඩවා පැයක් පමණ විලාසිතව ඉදිරිපිටට වී සිටියේය.
එක් වරම දුටු දසුනින් නෙත්මි කලබල විය......


නෙතින් කදුලක් ගිලිහි වැටුනා
දන්නේ නැ මම ඇයි කියා......
පිපුනු කිසිමක් පරව වැටුනා
දන්නේ නැ මම ඇයි කියා......
පුන්චි විහගෙක් හඩා වැටුනා
දන්නේ නැ මම ඇයි කියා......
මගේ සිහිනය බොදව යන්නේ වැටුනා
දන්නේ නැ මම ඇයි කියා......

Friday, March 11, 2011

අපි අපේමද......?

සත් සිදුවීමක් ඇසුරෙන්.........
මෙහි එන සියලුම නම් මනඃකල්පිතයි.

   උදේ ඉදන් ඈදහෑලෙන චුරු චුරු වැස්ස තවමත් පායා නැත. නවකතා පොතක් කියවමින් සිටියත් එය කියවන්නටද මාතුල ඇත්තේ කම්මැලි කමකි මෙ "චුරු චුරු" වැස්සට තෙමි තෙමි කොහේ හෝ යන්නට මා තුල ක්ෂනික ආශාවක් ඇතිවිය..   
  

අම්මා.....  අම්මා......  
"මොකද ළමයෝ බෙරිහන් දෙන්නේ, හරියට කාටහරි බය වෙලා වගේ
"-ම්-මා මම පාරමිලගේ ගෙදර ගිහින් එන්නද? හරිම කම්මැලි අම්මා... අනෙ මගෙ හොද අම්මනේ  යන්නදෙන්නකෝ මම තත්තා ගෙදර එන්න කලින් එන්නම්." 
 " තත්තා අවොත් මටයි බැනුමි අහන්න වෙන්නේ වැස්සට තෙමෙන්න ඔයාව ඇරියට "
“අනෙ මගෙ හොද අම්මනේ මම ඉක්මනට එන්වනේයන්නද අම්මා?”
“තත්තා ඒන්න් කලින් නාවොත් උත්තර දෙන්නවේන්නෙ තමන්ට හොදේ, ඔන්න මම දන්නේ නෑ ඔනෑ දෙයක්."
                                               හරි මම ඉක්මනට එනවා!

ඩෙනිමට උඩින් සහැල්ලු T shirt එක දමාගත් මම මිටින් හළ කිරිල්ලියක් මෙන් කුඩයත් ඉහලගෙන කොළඹ නගරශාලාව දෙසට පිය නගුවෙමි, B.L.C ය ඉදිරිපසට වී මම 138 මහරගම බසයක් එනතුරු රැදී සිටියේමී.
මුලින්ම ආ 138 ට ගොඩවු මම හිස් අසුනක වඩිවී වස්සේ සිරි නරඹමින් අමුතු ආස්වාදයක් වින්දෙම්. ටික දුරක් යද්දි බසය සෙනගින් පිරිගියේය. මම මගේම ලෝකයක වැහි සිරිය සමග තනිවීසිටියෙමි.



එක් වරම මා නෙත ගැටුනු පිරිමි රුවකි ඔහු වෙතින් ඇස් ඉවතට ගන්නට මට අමතක උවදැයි තවමත් මට සිතා ගත නොහෙ, විනඩියක් දෙකක් මම ඔහු දෙසම බලා සිටින්නට ඇතැයි මට සිතුනෙද ටික වෙලවක් ගිය පසුවය,
තවමත් ඔහු මුල් ඉරියවුවෙන්ම ඉදිරිපස බලාගත් වනමය. මගේ දැස් ඔහු වෙතින් ඉවතට ගන්නට මට උවමනාවක් නැතුවා මෙන් ඒ රුව දෙසම බලසිටින්නෙ යැයි මට හැගුනෙද පසුවය.
කෙලිකමින් ඉතිරුන මගේ බොළද ගැහැනු සිත ඔහු දෙස බල සිටියා වැඩියයි මට සිතේ. ඒ සොදුරු රුව දෙසම බලාගෙන ඔහු ගැනම සිතුවා මිස මෙ ටික වෙලාවට මට උන්හිටි තැන්ද අමතක වන්නට විය. නුගේගොඩ අනුලාව අසලින් ඔහු බැසයද්දි මගේ දෙනෙත් තුනි කදුලු පටලයකින් බොද වී ගියේය.


එතැන් සිට මහරගමට යන්නට බස් රථය කලය ගන්නවා වැඩියයි මට දැනුනේය. ජිවිත කලයටම මම කවදවත් පිරිමි ළමයෙක් දැකලා මෙහෙම කැලබිල්ලක් අති වෙලා නැ. එත් අද ඇයි මේ වෙනස....? මට මවම පලනය පලනය කරගන්න බෑ, හිත මට හීලෑ නෑ වගෙ අර නාදුණන පිරිමි රුපය පසුපස්සෙම දුවනව.
          "මම මේක පාරමීට කියනවද....? නැද්ද, අනේ එකි මට හිනා වේයිද මට පිස්සු කියල හිතයිද..? " මගෙ හිත මගෙන්ම විමසයි, මහරගමින් බැහැල වැස්සෙම  මම දුවල ගිහින් ත්‍රීවීලයකට නැග්ගෙ හිනෙකින් වගෙ.
  
           "කොහෙටද මිස්....?"
"පන්සල පාරට....." වෙන්දෙසි වත්තට.......
"හරි මිස්"
"හොදටම තෙමිල නේද...?"
"ඔව් වැස්සනේ, ඔහොම ඉස්සරහ නවත්තන්න..........."
          
          ත්‍රීවීලයෙන් බැසගත් මම මුදල් ගෙවා දිවගෙනම ගොස් ගෙට්ටුව ඇරගෙනම පාරමීගේ ගෙට ගොඩ වුනි.
   "හානේ.... දු.. හොදටම තෙමිලා...
"පාරමී…." මා දුටු පාරමීගෙ අම්මා පරාමීට අඩගැසුවෙය.
   
   "ඇයි අම්මා"... කියමින් ඇය පහලට ආවෙය. හොදටම තෙමි උන් මා දුටු පාරමීට පුදුම සිතෙන්නට ඇත.
"පාරමී පුතේ නෙත්මි දුවට තුවයක් දෙන්න ඇඟ පිහිද ගන්න, මම උනුවට බොන්න මොනා හරි හදන්නම්."
   "නැතුවට කමක් නැ ඇන්ටි..."
"පිස්සුද ළමයො, මෙ වැස්සට තෙමිලා ලෙඩක් හදාගනි. දු ඉන්න මම ඉක්මනට එන්නම්."

පාරමී මාවත් ඇදගෙන ඇගෙ කාමරයට ගියේ දුවඟන වගේය.
"නෙත්මි…, උඹට පිස්සුද...? මේ වැස්සෙ තෙමීගෙන, කුඩෙකුත් අතේ තියගෙන බයවෙලා වගේ......?"
"ඇයි උඹ එහෙම අහන්නේ පාරමී...?උඹට මගේ වෙනසක් පෙනවද...? කියපන් ආ............"
මම සිනාසෙමින් පාරමීගෙන් ඇසුවෙමි. 


මගේ මුහුනේ වු සතුට හො වෙනස හදුනාගන්නට පසැල් වියේ සිටම මා ළගින්ම වු මාරමීට අපහසුවන්නට බැරිය, ඇයට මා තේරෙන්නට ඇත.
"ඇත්ත කියපන්, උඹට කොල්ලෙක්වත් සේට් උනද...?"
"මම උඹට ඇත්තම කියන්නද..?  මම වැස්සෙම උඹලගේ ගෙදර එන්න අවේ කම්මැලිකමට, මන් බස් එකේ එද්දි.....
"එද්දි ඉතින් කියපන්...."
බස් එකේ ලස්සන කොල්ලෙක් හිටියා පාරමී....

"What කොල්ලෙක්..... උඹට කොල්ලො allergy නේ බං...?"
"හරි කෙල්ලේ හරි එත්....." මා බසය තුල සිදු වු සියලු දේ පාරමීට පැවසීය....
එ ටික කියා අවසන් වන විට මා නෙතඟට කදුලක් උනා තිබුනි.
"නෙත්මී.. උඹ අඬනවද.....?" අඬන්න එපා බං, උඹට එ වෙනුවෙන් ඔනම උදවුවක් කරන්න මන් උඹ ලඟ ඉන්නවා.
පාරමී.. මට එයව ආයිමත් දකින්න ආසයි.....
"කොහෙන්ද කියපන් උබෙ ඔය අඩම්බරකාරය නැග්ගෙ....?"
"විලාසිතා නිවස ලගින් බං"
හරි කෙල්ලෙ අපි බලමු එතනට ගිහින්, දවස් දෙක තුනක් ගියානම් ඔය කොල්ලව හොයාගතහැකි.
පාරමීගෙ එවදන් මට සහනයක් එක්කලේය...
"යමන් දැන් කුස්සියට, අම්මා උඹට බොන්න මොනා හරි හදලා ඇති."
                  නාදුනන එ සොදුරු යෞවනයා සොයන්නට තම යෙහෙලිය සමඟ කථා කරගත් නෙත්මී සවස තම නිවසට පැමිනියේය, රාත්‍රිය උදාඋනිද නින්ද නෙත්මී අසලකවත් නොවීය. එ නිදි වැරෑ රැය එලිවන විට නෙත්මී අතින් ලස්සන පෙම් කවක් ලියවී තිබුනෙය.....



එක් දිනක් මා නෙත ගැටුනු ඔබ කවුරුන්ද
සිනාසෙන ඔය දෙනෙත අයිති ඔබ කවුරුන්ද
දැකගතින ඔබෙ රුව මම
සිනාසුන එ මොහොත
පිබිද නව හැඟුම් මැද
ඉගි කලේ කවුරුන්ද
මා හදේ ලැඟුම්ගත්
නුඹ මගේමයි නේද.......???