උදෙන්ම අවදිවි දිය නාගත් නෙත්මි කෙටි ගවුමක් ඇඟ ලා ගත්තේය..
"අම්මා.... පරක්කු වෙල කො මගේ තේ එක...?"
"ඇයි තේ විතරක්, මම කිරිබත් හැදුවා කාලා යන්න.."
"බෑ අම්මා මට පරක්කුයි, පාරමී පන්තියට ගිහිනුත් ඇති."
"අනේ මන්දා ළමයො, ඔයානම් පුදුමයි, මේසෙ උඩ සල්ලි ඇති අරන් යන්න.
පෙරදින කතිකා කරගත් පරිදි විලාසිතා නිවස ලඟට යන්නට 138 බසයකට නැග්ගේය.
පරක්කු වුවායි නෙත්මි සිතුවත් වෙලවටත් කලියෙන් ඇය එතැනට ගොස් සිටියේය. මන්ද එ වන විටත් පාරමී එතැනට පැමිණ නොසිටියේය.
වට පිට බලමින් සිටි නෙත්මි දුටුවේ දුවගන වාගේ තම දෙසට එන පාරමීය....
"sorry නෙත්මි පොඩ්ඩක් පරක්කු උනා, කෝ උඹේ ආඩම්බරකරයා ආවේ නැද්ද...?"
"තාම නෑ අපි ටික වෙලවක් ඉදල බලමු."
"බලමු බලමු මගෙ යාලුවට ආදර හිතක් පහල වෙච්ච පලවෙනි වතාවනේ, ඒයි නෙත්මි බලපන් අරයද කියල.. අර අර blue ඩෙනිම"
"නෑ බන් නෑ හිටපන්කො........ මට තරම්වත් ඉවසිල්ලක් උබට නැනේ..."
"වෙලව කියද බලපන්"
"11.15 බන්,අද එයා එන එකක් නැද්ද පාරමී..?"
"අන්න අන්න උබ mood ගහුවා, ඔහොම තමයි බන්, අපි කමති දෙවල් ඉබෙ අපි ලඟට එන්නෑ. අමරුවෙන් තමයි ලන්කරගන්න ඔනේ....
උබේ වැඩෙ නිස මටත් මරු කට්ටක් සෙට් වේයි වගේ... පුලුවන්නම් try කරලා ගෙදරින් නිකන් හම්බෙන බත් කඩ් එකත් නැති කරපන්කෝ"
"දැන් දොලහටත් ලගයි බන්, අපි යමු පාරමී එය අද එන එකක් නෑ."
"නෑ තව චුට්ටක් බලමු, කොහොමත් අද class cut නේ."
"බැ බැ class ඇරිලා ගෙදර යන වෙලවට ගෙදර නොගියොත් බනුම් සගෙරේ තමයි."
එකත් හරි තමයි, ප්රශ්න ඇතිවෙන්න කලින් ඇයි අපි එවා හොයගන යන්නේ
"කවදවත් නතුව උඹයි මමයි අද class cut කලා නේද...?" අද විතරක් නෙමේයි, තව සුමානයක් හරි කට්ට කල මම ඔය අඩම්බරකරයව හොයගන්නවා"
බලාපොරොත්තු සුන් වු නෙත්මි සහ පාරමී ඔවුනොවුන්ගෙන් සමුගෙන ගියේය. නිවසට ගිය නෙත්මි තම නිදන කාමරයට ගොස් ඇග වු ඇදුම් පිටින්ම ඇදට වැටුනි. බොහො වෙලවකට පසු නෙත්මි අවදි වුයේ මවගේ ඇමතුම්නි.
"දු... නෙත්මි ඔයාට අසනිපයක්ද පුතේ..?"
"නෑ අම්මා මට ටිකක් හිසරදේ වගේ තිබුනා දන්නෙම නෑ නින්ද ගිහින්, වෙලව කියද..?"
"දැන් 4ත් පහුවෙලා, තාවම දවල්ට කෑවෙත් නෑනේ ළමයෝ...?නැගිටලා කෑම ටික කන්න.."
ඉන් පසුවද දින දෙකක්ම නෙත්මි හා පාරමී විලසිතා නිවස ලග සිටියද ඒ රුව දැකගන්නට නෙත්මිට හැකි වුයේ නැත. ඒ දෙදිනම නෙත්මිට කල්පයක් සේ දැනෙන්නට විය. ඇයට කිසිසේත්ම අමතක කිරිමට නොහැකි ලෙස මේ නාදුනන පිරිමි රුව ඇගේ සිත තුල නිදන් වී ඇති බව නෙත්මිට සිතුනි.
පාරමී තුලද නෙත්ම් පිලිබද මහත් අනුකම්පවක් ඉපදී ඇත, කිසිම කොල්ලෙකු ගන උනන්දුවක් නොදැක්වු නෙත්මි මෙ අගන්තුක තරුණය දැක කැලබි ඇති නිසා එය පාරමීට එක්තරා පුදුමයක්ද වේ.
පසුදිනට පහන් විය නෙත්මි සුපුරුදු පරිදි class යන්නට සැරසුනය. ගෙදර දුරකථනය නාදවනු ඇසුනද නෙත්මි ඒ පිලිබද උනන්දු වුයේ නැත.
" දු ඔයට call එකක්" මව නෙත්මි ඇමතීය.
"කවුද අම්මා"
"මේ පාරමී ළමයා"
"මෙ එනව අම්මේ, ඉන්න කියන්න ඔහොම"
දුවගන ආ නෙත්මි දුරකථනය අතට ගත්තේය.
hello පාරමී ඇයි මේ.....???
"මම මේ උඹෙන් අහන්න ගත්තේ අදවත් class යනවද..? නැත්නම් cut ද කියලා...?
අම්මා ලඟ සිටිත්දැයි වට පිට බැලු නෙත්මි රහසින් මිමිනුවේය.
"අද විතරක් උත්සහ කරල බලමුද plz, අද විතරමයි."
"OK,OK, උඹ කියනවානම් මම එන්නම්, ගෙවල් වලට අහු උන දාට දෙන්නටම එක පිගනෙන් කතහැකි, මම නවයට විලසිතව ලඟ, OK! Bye..
උවමනාවට එපාවට හිස පීරා wool band එකක් දමාගත් නෙත්මි මවට වැද නිවසින් එලියට බැසගියාය, නගර ශලව දෙසට ඇවිද එමින් සිටි නෙත්මි කල්පනා කලේම අදවත් ඔහුව දැක ගන්නට ලැබෙයිදෝ කියාය.
නෙත්මි විලාසිතව ලගට යන විටත් පාරමී එහි පැමින සිටියාය.
Hi , මොකද උඹ අද පරවෙලා වගෙ... හිනවෙලා හිටපන් බං"
"නෑ පාරමී මට දුකයි අදත් එයා නාවොත්.... අපිට හැමදමත් class cut කරන්නත් බෑනේ...! එහෙම උනොත් මම කොහොමද එයාව හොයගන්නේ...?"
"නෙත්මි කලබල නොවි ඉදපං අපි බලමුකෝ අද නාවොත් වෙන දවසක හරි,"
කෙල්ලෝ දෙන්නා පරේ යන එන බස් වලට එබි එබි වල් පල් දොඩව දොඩවා පැයක් පමණ විලාසිතව ඉදිරිපිටට වී සිටියේය.
එක් වරම දුටු දසුනින් නෙත්මි කලබල විය......
නෙතින් කදුලක් ගිලිහි වැටුනා
දන්නේ නැ මම ඇයි කියා......
පිපුනු කිසිමක් පරව වැටුනා
දන්නේ නැ මම ඇයි කියා......
පුන්චි විහගෙක් හඩා වැටුනා
දන්නේ නැ මම ඇයි කියා......
මගේ සිහිනය බොදව යන්නේ වැටුනා
දන්නේ නැ මම ඇයි කියා......





