සත්‍ය සිදුවීමක් ඇසුරෙන්.........
මෙහි එන සියලුම නම් මනඃකල්පිතයි.
මෙහි එන සියලුම නම් මනඃකල්පිතයි.
උදේ ඉදන් ඈදහෑලෙන චුරු චුරු වැස්ස තවමත් පායා නැත. නවකතා පොතක් කියවමින් සිටියත් එය කියවන්නටද මාතුල ඇත්තේ කම්මැලි කමකි මෙ "චුරු චුරු" වැස්සට තෙමි තෙමි කොහේ හෝ යන්නට මා තුල ක්ෂනික ආශාවක් ඇතිවිය..

අම්මා..... අම්මා......
"මොකද ළමයෝ බෙරිහන් දෙන්නේ, හරියට කාටහරි බය වෙලා වගේ"
"අ-ම්-මා මම පාරමිලගේ ගෙදර ගිහින් එන්නද? හරිම කම්මැලි අම්මා... අනෙ මගෙ හොද අම්මනේ යන්නදෙන්නකෝ මම තත්තා ගෙදර එන්න කලින් එන්නම්."
" තත්තා අවොත් මටයි බැනුමි අහන්න වෙන්නේ වැස්සට තෙමෙන්න ඔයාව ඇරියට "
“අනෙ මගෙ හොද අම්මනේ මම ඉක්මනට එන්වනේ… යන්නද අම්මා?”
“තත්තා ඒන්න් කලින් නාවොත් උත්තර දෙන්නවේන්නෙ තමන්ට හොදේ, ඔන්න මම දන්නේ නෑ ඔනෑ දෙයක්."
හරි මම ඉක්මනට එනවා!
ඩෙනිමට උඩින් සහැල්ලු T shirt එක දමාගත් මම මිටින් හළ කිරිල්ලියක් මෙන් කුඩයත් ඉහලගෙන කොළඹ නගරශාලාව දෙසට පිය නගුවෙමි, B.L.C ය ඉදිරිපසට වී මම 138 මහරගම බසයක් එනතුරු රැදී සිටියේමී.
මුලින්ම ආ 138 ට ගොඩවු මම හිස් අසුනක වඩිවී වස්සේ සිරි නරඹමින් අමුතු ආස්වාදයක් වින්දෙම්. ටික දුරක් යද්දි බසය සෙනගින් පිරිගියේය. මම මගේම ලෝකයක වැහි සිරිය සමග තනිවීසිටියෙමි.
එක් වරම මා නෙත ගැටුනු පිරිමි රුවකි ඔහු වෙතින් ඇස් ඉවතට ගන්නට මට අමතක උවදැයි තවමත් මට සිතා ගත නොහෙ, විනඩියක් දෙකක් මම ඔහු දෙසම බලා සිටින්නට ඇතැයි මට සිතුනෙද ටික වෙලවක් ගිය පසුවය,
තවමත් ඔහු මුල් ඉරියවුවෙන්ම ඉදිරිපස බලාගත් වනමය. මගේ දැස් ඔහු වෙතින් ඉවතට ගන්නට මට උවමනාවක් නැතුවා මෙන් ඒ රුව දෙසම බලසිටින්නෙ යැයි මට හැගුනෙද පසුවය.
කෙලිකමින් ඉතිරුන මගේ බොළද ගැහැනු සිත ඔහු දෙස බල සිටියා වැඩියයි මට සිතේ. ඒ සොදුරු රුව දෙසම බලාගෙන ඔහු ගැනම සිතුවා මිස මෙ ටික වෙලාවට මට උන්හිටි තැන්ද අමතක වන්නට විය. නුගේගොඩ අනුලාව අසලින් ඔහු බැසයද්දි මගේ දෙනෙත් තුනි කදුලු පටලයකින් බොද වී ගියේය.
එතැන් සිට මහරගමට යන්නට බස් රථය කලය ගන්නවා වැඩියයි මට දැනුනේය. ජිවිත කලයටම මම කවදවත් පිරිමි ළමයෙක් දැකලා මෙහෙම කැලබිල්ලක් අති වෙලා නැ. එත් අද ඇයි මේ වෙනස....? මට මවම පලනය පලනය කරගන්න බෑ, හිත මට හීලෑ නෑ වගෙ අර නාදුණන පිරිමි රුපය පසුපස්සෙම දුවනව.
"මම මේක පාරමීට කියනවද....? නැද්ද, අනේ එකි මට හිනා වේයිද මට පිස්සු කියල හිතයිද..? " මගෙ හිත මගෙන්ම විමසයි, මහරගමින් බැහැල වැස්සෙම මම දුවල ගිහින් ත්‍රීවීලයකට නැග්ගෙ හිනෙකින් වගෙ.
"කොහෙටද මිස්....?"
"පන්සල පාරට....." වෙන්දෙසි වත්තට.......
"හරි මිස්"
"හොදටම තෙමිල නේද...?"
"ඔව් වැස්සනේ, ඔහොම ඉස්සරහ නවත්තන්න..........."
ත්‍රීවීලයෙන් බැසගත් මම මුදල් ගෙවා දිවගෙනම ගොස් ගෙට්ටුව ඇරගෙනම පාරමීගේ ගෙට ගොඩ වුනි.
"හානේ.... දු.. හොදටම තෙමිලා...
"පාරමී…." මා දුටු පාරමීගෙ අම්මා පරාමීට අඩගැසුවෙය.
"ඇයි අම්මා"... කියමින් ඇය පහලට ආවෙය. හොදටම තෙමි උන් මා දුටු පාරමීට පුදුම සිතෙන්නට ඇත.
"පාරමී පුතේ නෙත්මි දුවට තුවයක් දෙන්න ඇඟ පිහිද ගන්න, මම උනුවට බොන්න මොනා හරි හදන්නම්."
"නැතුවට කමක් නැ ඇන්ටි..."
"පිස්සුද ළමයො, මෙ වැස්සට තෙමිලා ලෙඩක් හදාගනි. දු ඉන්න මම ඉක්මනට එන්නම්."
පාරමී මාවත් ඇදගෙන ඇගෙ කාමරයට ගියේ දුවඟන වගේය.
"නෙත්මි…, උඹට පිස්සුද...? මේ වැස්සෙ තෙමීගෙන, කුඩෙකුත් අතේ තියගෙන බයවෙලා වගේ......?"
"ඇයි උඹ එහෙම අහන්නේ පාරමී...?උඹට මගේ වෙනසක් පෙනවද...? කියපන් ආ............"
මම සිනාසෙමින් පාරමීගෙන් ඇසුවෙමි.
මගේ මුහුනේ වු සතුට හො වෙනස හදුනාගන්නට පසැල් වියේ සිටම මා ළගින්ම වු මාරමීට අපහසුවන්නට බැරිය, ඇයට මා තේරෙන්නට ඇත.
"ඇත්ත කියපන්, උඹට කොල්ලෙක්වත් සේට් උනද...?"
"මම උඹට ඇත්තම කියන්නද..? මම වැස්සෙම උඹලගේ ගෙදර එන්න අවේ කම්මැලිකමට, මන් බස් එකේ එද්දි.....
"එද්දි ඉතින් කියපන්...."
බස් එකේ ලස්සන කොල්ලෙක් හිටියා පාරමී....
"What කොල්ලෙක්..... උඹට කොල්ලො allergy නේ බං...?"
"හරි කෙල්ලේ හරි එත්....." මා බසය තුල සිදු වු සියලු දේ පාරමීට පැවසීය....
එ ටික කියා අවසන් වන විට මා නෙතඟට කදුලක් උනා තිබුනි.
"නෙත්මී.. උඹ අඬනවද.....?" අඬන්න එපා බං, උඹට එ වෙනුවෙන් ඔනම උදවුවක් කරන්න මන් උඹ ලඟ ඉන්නවා.
පාරමී.. මට එයව ආයිමත් දකින්න ආසයි.....
"කොහෙන්ද කියපන් උබෙ ඔය අඩම්බරකාරය නැග්ගෙ....?"
"විලාසිතා නිවස ලගින් බං"
හරි කෙල්ලෙ අපි බලමු එතනට ගිහින්, දවස් දෙක තුනක් ගියානම් ඔය කොල්ලව හොයාගතහැකි.
පාරමීගෙ එවදන් මට සහනයක් එක්කලේය...
"යමන් දැන් කුස්සියට, අම්මා උඹට බොන්න මොනා හරි හදලා ඇති."
නාදුනන එ සොදුරු යෞවනයා සොයන්නට තම යෙහෙලිය සමඟ කථා කරගත් නෙත්මී සවස තම නිවසට පැමිනියේය, රාත්‍රිය උදාඋනිද නින්ද නෙත්මී අසලකවත් නොවීය. එ නිදි වැරෑ රැය එලිවන විට නෙත්මී අතින් ලස්සන පෙම් කවක් ලියවී තිබුනෙය.....
එක් දිනක් මා නෙත ගැටුනු ඔබ කවුරුන්ද
සිනාසෙන ඔය දෙනෙත අයිති ඔබ කවුරුන්ද
දැකගතින ඔබෙ රුව මම
සිනාසුන එ මොහොත
පිබිද නව හැඟුම් මැද
ඉගි කලේ කවුරුන්ද
මා හදේ ලැඟුම්ගත්
නුඹ මගේමයි නේද.......???



8 comments:
වැටෙන පොද වැස්ස
බිදු බිදු ගෙනා සිසිලස
සිත අරන් ගියා මගෙන් දුරක
මුතු වැස්සේ මතක අතර..
හිත හිරිවට්ටන සිසිල් සුළග
කවුළුවෙන් එහා දගකරන ළමයි කැල
අරන් ගියා මමත් පොඩි කාලෙට
පොද වැස්සේ තෙමි තෙමි නටන...
Thanks lot දිගා!!!
gr8 work......!ha
keep it up...
me ithuru tika ikmanata update karanna ...bala inna baaaa..
cn't waaaaiiittttt
ok ok!!!
ikmanatama danawa!!!
no comments malla.....gud wrk..... :)
no comments malla...gud wrk..kp it up..
Thanks naru!!
plz keep your fingers crossed for the 2nd chapter!!
Post a Comment